Wednesday, December 16, 2009

කොසු, ඉදල් ප්‍රහාරයක්

ලෝකයට බිහි වූ විගසම සිදුහත් කුමාරයා නෙලුම් මල් හතක් උඩින් සිරිපතුල් තියාගෙන ඇව්දගෙන ගියාලු. මහෞෂධ පඬිතුමා ඉපදුණෙ මහා ඖෂධයක් අත මිට මොලවගෙනලු. ඒත් පෘතග්ජන මට කොයින්ද එහෙම වාසනා ගුණයක්. බෝසත්වරුන් පෑවා වූ පෙළහර සිහිපත් කරල සාධුකාර දීල කතාකාරිට කතා කියන්න අවසර ලබා ගන්නයි මේ, ටිකක් කර කැවි කැවී ආලවට්ටම් පාන්නෙ.
බ්ලොග් අවකාශයෙ තිබෙන විවිධාකාර වූත්, විචිත්‍ර වූත් නිර්මාණ කියවලා ඒවයින් චිත්තප්‍රීටියට පත් වුණු මට ප්‍රීතිය බෙදා හදා ගන්න හිතුණෙ කතාම විතරක් තියෙන බ්ලොගයක් පටන් ගන්න හිතුණා. එකම විෂයයකට සීමා නොවී...විවිධ පැති කඩ වලින් විහිදී ගලා යන කතා සමුදායක්...කියවන්න කැමති ඇති නේ....එහෙම නම් බලා ගෙන ඉන්න...පුංචි කතාවක් ලියලම පටන් ගත්තොත් වඩාත් හොඳයි නේද?

මේක අමුතුම විදිහෙ ගැණුන්ගෙ කතාවක්. ඉන්දියාවෙ ආන්ද්‍රා ප්‍රදේශයේ, 'එම්.ඩී. මංගලම්' කියන ගමේ සිද්ධ වෙච්ච සැබෑ කතාවක්.
අපි මේ ගමට ගියෙ, ප්‍රජා සංවර්ධනය පිළිබඳව කුඩා කාන්තා කණ්ඩායම් වල අත් දැකීම් ඉගෙන ගන්න. එහෙ රැස්වීම් තියන්නෙ හවස හයෙන් පස්සෙ. ගමේ කෝවිලේ මිදුලෙ, එහෙමත් නැත්නම් කමතක බිම පැදුරු එලා ගෙන වාඩි වෙලා කට්ටිය සූදානම් වුණා.
ඔවුන්ගෙ ප්‍රධාන ප්‍රශ්නය හැටියට කලකට ඉහත තිබුණු; හැම ගෙදරකම තිබුණු ප්‍රශ්නයට විසඳුම් සොයපු හැටි තමයි මුලින්ම කතා කළේ. ප්‍රශ්නය නම් දවසෙ කුලී වැඩ ඉවර කරල එන සැමියා, උපයන මුදල් වලින් මත් පැන් බීල ඇවිත් ගෙදර බුදුන්ට තඩි බාන එකයි.
මේ කාන්තාවො, වැඩි උගත්...පොත පත කියවන අයත් නෙවෙයි. ඒත් ප්‍රශ්නයට පිළියම් හොයන්න ඔවුන් මුලින්ම සලසුම් කළේ ඒ පුන්චි ගමෙ තියෙන සුරා සැල් සේරටම පහර දෙන්න, එකම වෙලවකදි. කාන්තාවො කට්ටිය සකච්ඡා කර ගත්තු විදිහට, පහර දෙන්න තෝරා ගත්තෙ කොසු ඉදල්, කුළු වගෙ ගෘහ උපකරණ. ඒ කියන්නෙ මත්පැන් විකුණන අයට කොසු, ඉදල් ප්‍රහාරයක් එල්ල කරන්න.
කෝකටත් කල් තියාම කාන්තා සමිතියෙ ලොක්කියො ටික පොලිසියට මේ ගැන දැනුම් දුන්නා. පොලීසියටත් හැම දාම පැමිණිලි...බිරියන්ට, දරුවන්ට ගුටි ගහන එක ගැන. ඒ නිසාම මේ හැඳි මිට මොලවල් ක්‍රියාත්මක වෙන හැටි බලා ගෙන හිටියා.
අපේ කාන්තාවො කට්ටිය කතා කර ගත්තු වෙලවට ගමේ තියෙන සුරා සල්වලට පැනල ඒව විකුණන පිරිමින්ට කොසු ඉදල් වලින් පහර දෙන්න ගත්තා. කසිප්පු බුලි, බෝතල් වගෙ දේවලුත් කුඩු පට්ටම්. හැබයි එදා නම් පිරිමි කවුරුත් අර වීර කතුන්ට ගහන්න ආවෙ නැහැ.

එක දවසෙන් ප්‍රශ්න විසඳන්න බැහැ නෙ. කඩවල් වල නොවිකිණෙන සුරා, නැත්නම් කසිප්පු කොහෙ හරි තැනක ඊට පස්සෙ අලෙවි වෙනවා. සැමියන් වෙරි මරගාතෙ එනවා. ගැහැනු ගුටි කනව...පොලිසියට පැමිණිලිත් යනව.
ආයෙමත් බවලත් උදවිය සාකච්ඡා කළා. ඔත්තු කාරයන්ට ගත්තෙත් ඒ පවුල්වල දරුවන්වම තමයි. මොකද ඒ ගොල්ලොත් ගුටි කනවනෙ.
අපේ අය්යල ටික ගමේ කන්ද උඩටම නැගල....වැඩ පටන් ගෙන කියල කට්ටියට ඔත්තු, ආරංචි ලැබුණා. කන්තාවො කට්ටිය කලින් වගෙම පොලිසියටත් කියල, රෑ හතට විතර නැග්ගෙ නැතෑ අර කන්ද මුදුනටම. පන්දම්,විලක්කු අර ගෙන ගිය කට්ටිය සේරම විනාශ කරල, ගින්දරත් තියලයි, පස්ස බැලුවෙ.
එතැනින් එහාට නම් ආයෙත් සුරා ලොල් පිරිමි කසිප්පු පෙරන්න ගියෙ නැහැ, කන්දට ලන්දට. මේ ක්‍රියා වලිය නිසා ආන්ද්‍රා ප්‍රදේශයේම ඒ කාලෙ සුරා සැල් වැසුණා. මත් පැන් විකිණීම තහනම් වුණා.
ඒ නිසාම ගෙදර බුදුන්ලත් සැමියන්ගේ පහරදීම් වලින් බොහෝ දුරට ආරක්ෂා වුණා. ඒ වගෙ පොකුරු ගම්මන වල එහෙම කරන්න පහසු වුණත් මේ වගෙ දේවල් අපේ රටේ ගම්වල කරන්න ගියොත් සුරා සැල් වලට අවසර පත් දීල තියෙන දේශපාලන මහත් වරු අපේ බවලත් උදවියව ඉතුරු කරන එකක් නැහැ කියල ලංකාවෙන් ගිය අපේ කට්ටිය කතා වුණා.

2 comments:

LishWish said...

අගේ ඇති ස්වයං ආරක්ෂා සැලසුමක් නෙව. හරිම අගෙයි. එහෙත් අවාසනාවකට වගේ මේ කරදර වලින් ඒකාලේ කාන්තාවෝ ගැලවුනා කිව්වෙ තාවකාලිකවද., නො එසේනම් සදාකාලිකවද? මින් කුමක් වුවත් පිරිමිසමාජය විසින් හැඳිමිටේ නුවණ තියෙනවැයි කියන අපේ ගෙදර බුදුන්ට සංවිධානය උනාම මොනතරම් බලපෑමක් කරන්න පුලුවන්ද?

අගේ ඇති කතාවක් කතාකාරී.., මේ වගේ කතා කියවන කොට අපිත් ගමේ කමතේ පැදුරක ඉන්නවා වගේ තමා දැනෙන්නේ...? නමෝ විත්ති කතාවට කොමෙන්ටුවක් දාන්න ලැබුන එක ගැන අපරිමාණ සංතෝසයි. ජයෙන් ජය පතනව ඔබේ කතාකාර අනාගතයට..!

Akkandi said...

aluth kathaa kaariyek awith awith....gahanun udawiyata ehema sanwidanaya wenna puluwan nam koi tharam apooruda? ehema ekathuwela thawa kochchara wda karanna puluwanda? Handimite tharama lowata pennanna kalayayai me....!

Post a Comment